spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණයක් තියන්න මුදල් වෙන්කර අවසන් – මැතිවරණ කොමසාරිස්

මැතිවරණයක් පැවැත්වීම සඳහා මුදල් වෙන්කර අවසන් බව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ මෙවර අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන්කර ඇති බවයි.

මැතිවරණයක් පැවැත්වීම ඉල්ලුම හා සැපයුම අනුව ගත යුතු තීරණයක් නොවන අතර නීතියට අනුව ගත යුතු පියවරක් බව ඔහු පෙන්වා දෙනවා.

පළාත් පාලන මැතිවරණය පවත්වා මාර්තු මාසය වන විට පළාත් පාලන ආයතන නියෝජිතයන් නම් කර ගැසට් නිවේදනය නිකුත් කිරීමේ බලතල ඇත්තේ මැතිවරණ කොමිසමට බවයි කොමසාරිස්වරයා කියාසිටියේ.

මැතිවරණ පනත අනුව මැතිවරණයක් පැවැත්වීමේ තීරණය ගත යුත්තේ මැතිවරණ කොමිසම බව ඔහු පෙන්වා දෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස්වරයා….

මැතිවරණ කොමිසම ලෙස අපි ඉන්නේ නීතිය පැත්තෙන්, මැතිවරණ පැවැත්වීම ඉල්ලුම හා සැපයුම අනුව ගත යුතු කාරණයක් නෙමෙයි නීතියට අනුව ගත යුතු කාරණයක්. පළාත් පාලන මැතිවරණය පවත්වා මාර්තු මාසය වන විට පළාත් පාලන ආයතන නියෝජිතයන් නම් කොට ගැසට් නිවේදනය නිකුත් කිරීමේ බලතලය තියෙන්නේ මැතිවරණ කොමිසමට මැතිවරණ පනත අනුව මැතිවරණයක් තිබීමේ තීරණය ගත යුත්තේ මැතිවරණ කොමිෂන් සභාව. ජනතා පරමාධිපත්‍ය රැකගැනීමට වගකීම තියෙන්නේ පවතින ආණ්ඩුවට, එම ආණ්ඩුවට වගකීමක් තමයි ජනතාවගේ ඡන්ද බලය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම. මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් සඳහන්කොට අයවැය ඇස්තමේන්තු සඳහා ඉදිරිපත් කොට තිබෙනවා.
2022 අයවැයත් 2023 අයවැයෙනුත් මැතිවරණයක් පැවැත්වීම සඳහා බිලියන 10ක මුදලක් වෙන් කර තිබෙනවා. පුරවැසියෙක් ලෙස මුදල් නෑ කියන එක මට ඇහිලා තියෙනවා. නමුත් මැතිවරණ කොමිසම කියන විදිහට කටයුතු කරන්න මම බැඳිලා ඉන්නවා.

පුරවැසියෙක් ලෙස මිනිස්සුන්ගේ අයිතිය ලැබිය යුතුයි කියල මම විශ්වාස කරනවා. පළාත් සභා මැතිවරණය තිබීමට බාධාව සීමාවෙන් සහනයක් සිදුකොට තිබෙනවා. එය පාර්ලිමේන්තුව අනුමත කරන්නේ නෑ, පළාත් සභා මැතිවරණ තියන්න නීතියක් නෑ එම නිසා කොමිසමට බලතලයක් නෑ. පළාත් පාලන මැතිවරණය තියන්න නීතියෙන් බලතල ලැබී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?