AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ මහ නගර සභාවේ අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

කොළඹ මහ නගර සභාවේ 2023 අයවැය වැඩි ඡන්ද 88 කින් සම්මත වී තිබෙනවා.

ඊයේ දින අයවැය ඡන්ද විමසීම පැවැත්වුණු අතර අයවැයට පක්ෂව ඡන්ද 94ක් සහ විපක්ෂව ඡන්ද 06 ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඡන්ද විමසීම සඳහා සභාවට නොපැමිණි සභික සංඛ්‍යාව 19ක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් පක්ෂ රැසක මන්ත්‍රීවරු පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් විපක්ෂව ඡන්දය ලබා දී තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ 2023 අයවැය මගින් නගරාධිපති රෝසි සේනානායක කොළඹ නාගරික බල ප්‍රදේශයේ කාන්තාවන් විශාල වශයෙන් ගොදුරු වන පිළිකා (ගැබ්ගෙල පිළිකා, පියුරු පිලිකා) රෝග හඳුනා ගැනීම් පරීක්ෂණ පැවැත්වීම සඳහා රුපියල් මිලියන 1.5ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා.

විශේෂයෙන්ම නගරාධිපතිනි රෝසි සේනානායක ගේ මැදිහත්වීම මත කොළඹ නගර සභා ඉතිහාසයේ අයවැය වාර්තාවක පළමු වතාවටයි මෙලෙස පිළිකා පරීක්ෂණ සඳහා මුදල් වෙන් කිරීම සිදුකරනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සර්වජන බලයේ මීළඟ බලාපොරොත්තුව #dilithjayaweera
01:55
Video thumbnail
පොහොට්ටුව ඇතුළු තවත් පක්ෂ කිහිපයකට සර්වජන බලයෙන් ඇරයුම් - දිලිත් ජයවීරගේ Master plan එක එළියට
02:44
Video thumbnail
සජබය නුවර ජයගන්න විදිය තිස්ස ගනන් හදලම මාධ්‍යට කියයි #sajithpremadasa
02:13
Video thumbnail
ලංකාව පුරා අවතැන් අයට මන් උදව් කරනවා - ජන දුක හඳුනන දිලිත් ජයවීර #dilithjayaweera
00:52
Video thumbnail
දිලිත්ගෙන් - පුතාණෝට සැර ටොක්කක් #dilithjayaweera #sajithpremadasa
00:59
Video thumbnail
සමගි ජන බලවේගය කෙරෙහි විශ්වාසය තියන්න #sajithpremadasa
01:24
Video thumbnail
සජිත්ට විපක්ෂ නායකකමේ - අර්ථය කියල දුන්න දමිළ ඇමති - අපි අලුත් ආණ්ඩුවට උදව් කරනවා
01:49
Video thumbnail
අපි සූධානම් උතුරේ වගකීම බාර ගන්න - සජිත්ගේ දවල් හීන - තිස්ස එළිපිටම කියයි #sajithpremadasa
01:49
Video thumbnail
VAT බදු පැහැරහැරියාට අර්ජුන ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට නියම වුණ සිර දඬුවම #arrested
01:31
Video thumbnail
අපි ජනාධිපතිගේ කකුල් දෙකෙන් අදින්න ඡන්දෙ ඉල්ලනවා නෙවෙයි#anurakumaradissanayake #sjb
01:52

?