කොළඹ මහ නගර සභාවේ අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

කොළඹ මහ නගර සභාවේ 2023 අයවැය වැඩි ඡන්ද 88 කින් සම්මත වී තිබෙනවා.

ඊයේ දින අයවැය ඡන්ද විමසීම පැවැත්වුණු අතර අයවැයට පක්ෂව ඡන්ද 94ක් සහ විපක්ෂව ඡන්ද 06 ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඡන්ද විමසීම සඳහා සභාවට නොපැමිණි සභික සංඛ්‍යාව 19ක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් පක්ෂ රැසක මන්ත්‍රීවරු පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් විපක්ෂව ඡන්දය ලබා දී තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ 2023 අයවැය මගින් නගරාධිපති රෝසි සේනානායක කොළඹ නාගරික බල ප්‍රදේශයේ කාන්තාවන් විශාල වශයෙන් ගොදුරු වන පිළිකා (ගැබ්ගෙල පිළිකා, පියුරු පිලිකා) රෝග හඳුනා ගැනීම් පරීක්ෂණ පැවැත්වීම සඳහා රුපියල් මිලියන 1.5ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා.

විශේෂයෙන්ම නගරාධිපතිනි රෝසි සේනානායක ගේ මැදිහත්වීම මත කොළඹ නගර සභා ඉතිහාසයේ අයවැය වාර්තාවක පළමු වතාවටයි මෙලෙස පිළිකා පරීක්ෂණ සඳහා මුදල් වෙන් කිරීම සිදුකරනු ලබන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05