දින 10ක් ඇතුළත ‘අලි පොත’ අභියාචනාධිකරණය ඉදිරිපත් කරන ලෙස නියෝගයක්

අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය හෙවත් ‘අලි පොත’ අධිකරණයට ඉදිරිපත්කරන ලෙස අභියාචනාධිකරණය විසින් කොළඹ මහාධිකරණය රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබෙනවා.

ඇතුන් ලියාපදිංචි කිරීම සඳහා රජය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් අද (02) කැඳවනු ලැබූ අවස්ථාවේ දී විනිසුරුවරු මණ්ඩලය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් අදාළ පෙත්සම් ඉදිරිපත්කර තිබෙනවා.

එම පෙත්සම් සලකා බැලීම සිදු කෙරුණේ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේයි.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය පරීක්ෂා කිරීම සඳහා ‘අලි පොත’ පරීක්ෂා කිරීම අවශ්‍ය බවට නිගමනය කරනු ලැබුවා.

ඒ අනුව අද (02) සිට දින 10 ක් ඇතුළත ‘අලි පොත’ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි අභියාචනාධිකරණය විසින් කොළඹ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?