පියවර දෙකකින් ජනවාරියේ සිට විදුලි බිල යළි ඉහළට

ලබන වසරේ ජනවාරි සහ ජුනි මාසවලදී පියවර දෙකක් යටතේ විදුලිය ගාස්තු වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න සඳහන් කළා.

ඒ, අනුව විදුලි බිල වැඩි කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරගෙන යන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වනවිට පවතින පාඩුව පියවා ගැනීමට නම් විදුලි බිල 70%කින් පමණ වැඩි විය යුතු බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.

විදුලිය ගාස්තු පසුගිය කාලයේ දී වැඩි කිරීමක් සිදුකළ ද එය විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බැවින් විදුලි බිල වැඩි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් මෙලෙස අනුමැතිය ලබාගෙන තිබෙනවා.

පසුගිය අගෝස්තු මාසයේදී 75%ක ගාස්තු වැඩිවීමක් සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදීම සිදු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?