මන්දපෝෂණය හා කෘශභාවය සැලකිය යුතු ලෙස ඉහළට

පාසල් දරුවන්ගේ කෘශ භාවය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

සෑම වසරකම ඔක්තෝබර් පෝෂණ මාසයට අදාළව අවුරුදු 5ට අඩු දරුවන්ගේ බර සහ උස ගණනය කරමින් පවුල් සෞඛ්‍ය නිලධාරී කාර්යාල හරහා දීපව්‍යාප්තව සමීක්ෂණයක් මඟින් මේ බව අනාවරණය වී ඇත.

ඊට අනුව මෙම වසරේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය 15.3% දක්වා ඉහළ ගොස් ඇති බව අනාවරණ වේ.

2021 වසරේදි 8.2%ක් පැවති කෘශ දරුවන්ගේ ප්‍රතිශතය මේ වසරේදී පවතින්නේ 10.1%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට දරුවන් 18,420 දෙනෙකු උග්‍ර තීව්‍ර මන්දපෝෂණයට ලක්වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 1.4%කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?