උසස් පෙළ පවතින කාලසීමාවේ දී විදුලියෙන් සහනයක් දෙන්න – අධ්‍යාපන ඇමති ඉල්ලයි

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය ජනවාරි මස 23 වැනිදා ආරම්භ වීමට නියමතයි.

ඒ, අනුව එම කාල සීමාවේ දී විදුලිය කැපීම සහ විදුලිය බිල වැඩි කිරීම නොකළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (01) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විදුලි බිල සම්බන්ධයෙන් මතුකළ ප්‍රශ්නයක දී අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

විදුලිය කැපීම සහ විදුලිය බිල වැඩි කිරීම සම්බන්ධයෙන් යම් ලිහිල් භාවයක් ඇති කරන්නැයි තමා අමාත්‍ය මණ්ඩලයෙන් සහ විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් කරන බව ද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?