ණය හිමියන් සමඟ දෙවැනි වටයේ සාකච්ඡා සුබවාදීයි – රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමඟ පැවති දෙවැනි වටයේ සාකච්ඡා සුබවාදී අවසානයක් කරා එළඹි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

චීනය, ඉන්දියාව සහ ජපානය ඇතුළු බහුතර ණය හිමියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට නීති උපදේශකයන් සහ මූල්‍ය උපදේශකයන්ගේ සහය ද ලැබුණු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව කිසිඳු රටක් කොන්දේසි ඉදිරිපත් කර නොමැති බව අවධාරණය කළ අමාත්‍යවරයා කියා සිටියේ ණයහිමි රටවල් ශ්‍රී ලංකාවට පිටුපානු ඇතැයි රජය විශ්වාස නොකරන බවයි.

පසුගිය මස 14 වනදා අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී මෙහි පළමු සාකච්ඡාවටය පැවැත් වුණු අතර, එහි දෙවැනි වටයේ සාකච්ඡා පැවැත් වුණේ පසුගිය තුනවදායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?