මත්පැන් පරිභෝජනය අතින් ශ්‍රී ලංකාව පහළට

ලෝකයේ රටවල් අතුරින් මත්පැන් පරිභෝජනයට අදාළ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව 79 වන ස්ථානය දක්වා පහළ ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේ ආර්ථික පීඩනය රටේ මත්පැන් පරිභෝජනය මෙලෙස පහළ යෑමට හේතු වී ඇති බවයි.

එමෙන්ම මත්පැන් නිෂ්පාදකයින්ගේ අලෙවිය ද 40%ක් දක්වා අඩු වී ඇති බවද ඔහු සඳහන් කළා.

මත්පැන් මිල අධික ලෙස ඉහළයෑම සහ පුද්ගලයින්ගේ ආදායම් අඩුවීම ඊට ප්‍රධාන වශයෙන් බලපෑ ඇති අනෙකුත් සාධක බවයි කොමසාරිස්වරයා වැඩි දුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?