බිල නොගෙවා කොළඹ තරු පංතියේ හෝටලයෙන් පැනගිය හිමිනම CID දැලේ

තරු පංතියේ හෝටලයක සති තුනකට ආසන්න කාලයක් නවාතැන් ගෙන සිට එහි බිල නොගෙවා පලාගිය හිමි නමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ හිමිනම කොළඹ – කොටුව ප්‍රදේශයේ තරු පංතියේ හෝටලයක රැඳී සිටිමින් එහි බිල ලෙස රුපියල් ලක්ෂ පහකට වැඩි මුදලක් නොගෙවා පලාගොස් මහියංගන ප්‍රදේශයේ විහාරස්ථානයක රැදී සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අගෝස්තු මසයේ 31වනදා අදාළ හිමිනම හෝටලයට පැමිණ සති තුනකට අසන්න කාලයක් එහි නවාතැන්ගෙන සිට තිබෙනවා.

අනතුරුව එම හිමිනම කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ඇත්තේ හදිසියේ ඇති වූ අසනීපයක් හේතුවෙන්.

කෙසේ වෙතත් එහි දී හිමිනම විසින් හෝටලයේ කළමනාකාරිත්වයට දැනුම් දී ඇත්තේ තමන් අදාළ මුදල ගෙවන බවටයි.

හිමිනම රෝහලෙන් ප්‍රතිකාර ලබා අවසන්ව අදාළ හෝටල් ගාස්තුව නොගෙවා විහාරස්ථානය වෙත පැමිණ ඇති බව දැනගත් හෝටලයේ කළමනාකාරිත්වයට ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

අදාළ පැමිණිල්ලට අනුවයි එම හිමිනම අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?