දේශීය කිරිපිටි ගණන් උස්සයි

දේශීය කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි නිෂ්පාදනකයන් පියවර ගෙන තිබෙනවා
.
ඒ, අනුව රුපියල් 850ක්ව පැවති දේශීය කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 100 කින් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ මේ වන විට ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 950ක් ලෙස දැක්වෙනවා.

එමෙන්ම කිලෝ ග්‍රෑම් එකක දේශීය කිරිපිටි පැකට්ටුවක මිල ද රුපියල් 230 කින් ඉහළ නංවා තිබෙනවා.

ඒ, අනුව එහි නව මිල වන්නේ රුපියල් 2350ක්.

මේ අතර දේශීය කිරිපිටි සමාගම් වෙළෙඳපොලට නිකුත් කරන කිලෝ ග්‍රෑම් එකේ කිරිපිටි පැකට් හිඟයක් වෙළෙඳපොලේ පවතින බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?