නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිදරු මව ජීවිතක්ෂයට

දිඹුල – පතන පොලිස් වසමට අයත් මවුන්ට් වර්නන් තේ වතුයායේ උඩ කොටසේ වතු නිවසක් මතට පස් කන්දක් කඩා වැටී සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අධික වර්ෂාවත් අද (03) අලුයම මෙලෙස නිවස මතට පස් කන්දක් කඩා වැටී ඇති අතර, සිද්ධියෙන් මියගොස් ඇත්තේ රාමසාමි කාලි අම්මා නැමති 46 හැවිරිදි තිදරු මවක් බවයි වාර්තා වන්නේ.

අනතුරු සිදුවීමෙන් පසු පොලීසිය ගම්වාසීන් සමඟ එක්ව කාන්තාවගේ මළ සිරුර කොටගල ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

පස් කන්ද කඩාවැටෙන අවස්ථාවේ දී නිවසේ අදාළ කාන්තාවගේ දියණිය ද සිට ඇති අතර දියණියට අනතුරක් සිදුව නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?