නාට්‍ය සංදර්ශනයක් අතර තුර වේදිකාවේ සිටි නළුවා ජීවිතය හැර යයි (වීඩියෝ)

කළුගල, දේවහූව, කොස්ගහ හින්න ප්‍රදේශයේ ඊයේ (01) පැවති නාට්‍යය සංදර්ශනයක් අතර තුර නාට්‍යයකට රංගනයෙන් දායකව සිටි නළුවෙක් ජීවිතක්ෂයට පත් වූ පුවතක් වාර්තා වනවා.

නාට්‍යයේ රංගනයේ යෙදෙමින් සිටින අතර තුර මෙම නළුවා වේදිකාවේදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ ජී.ප්‍රේමසිරි නැමැති 55 හැවිරිදි පුද්ගලයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔහුට එම අවස්ථාවේ චරිතය තුළ පපුව සිර වී මැරී වැටෙන අයුරු දැක්වෙන රංගනයක නිරතවීම තිබී ඇති අතර, එහිදී ඔහු සැබෑ ලෙසම ජීවිතක්ෂයට පත්ව බිම ඇඳවැටී තිබෙනවා.

https://youtu.be/1GINWjtMHzE
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?