සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අද සිට ක්‍රියාත්මකයි

2022 අයවැය මඟින් හඳුන්වා දෙනු ලැබූ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අද (01) දිනයේ සිට ක්‍රියාත්මක වනවා.

කොරෝනා වසංගතයෙන් කඩා වැටුණු ආර්ථිකය යළි ගිණ ගැනීම සඳහා මෙම සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වා දෙනු ලැබුවා.

ඒ අනුව මෙම නව බද්ධ මඟින් රුපියල් බිලියන 140ක අමතර ආදායමක් උපයා ගැනීමට රජය අපේක්ෂාව වී තිබෙනවා.

අද සිට ක්‍රියාත්මක මෙම බද්ධ යටතේ රුපියල් මිලියන 120ට වැඩි වාර්ෂික පිරිවැටුම මත 2.5% ක බද්දක් අයකෙරෙනු ඇති.

මේ අතර අංශ කිහිපයක් සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කර තිබෙනවා.

ඖෂධ, පෙට්‍රල්, ඩීසල් හෝ භූමිතෙල්, එල්.පී.ගෑස්, දේශීය නිෂ්පාදකයෙකුගෙන් හෝ නිපදවන්නෙකුගෙන් මිලදී ගනු ලබන නැවුම් කිරි, අමු පත්‍ර, කුරුඳු හෝ රබර් ඒ යටතට අයත් අංශ කිහිපයක්.

එමෙන්ම විදුලි උත්පාදනය හෝ විදුලිය නිපදවීම, වෛද්‍ය සේවා, ජල සැපයුම, භාණ්ඩ සහ මගී ප්‍රවාහනය, නිමි ඇඳුම් මැසීමේ සේවා, සංචාරක සේවා, ජීවිත රක්ෂණ ව්‍යාපාර, සිනමා ශාලා, විදේශ ව්‍යවහාර මුදල්වලින් ගෙවීම් කටයුතු ලබාගන්නා සේවා ඇතුළු සේවාවන් කිහිපයක් ද සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් නිදහස්.

මෙම නව බදු පැනවීමත් සමඟ භාණ්ඩ හා සේවා මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවයි ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20