මේ වනවිට රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සහ ඩොලර් හිඟය හේතුවෙන් මෙරටට ගෙන් වූ භාණ්ඩ රැසක් ආනයනය නතර කිරීමට රජය මේ වනවිට කටයුතු කරනවා.
එම තහනම සමඟ ලෙදර් ක්‍රිකට් පන්දුවල ද දැඩි හිඟයක් ඇතිව ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
ආනයනය තහනම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රිකට් උපකරණ ආනයනකරුවන්ට පන්දු ඇතුළු සෙසු උපකරණ ආනයනය කිරීමට නොහැකි වී ඇති අතර, ඒ හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත මූල්‍ය ශක්තියක් නොමැති පාසල් විශාල අර්බුදයකට මුහුණ දී සිටින බව සඳහන්.
ආනයන සීමා පැනවීමට පෙර රුපියල් 650 කට 700 කට වැනි මුදලකට මිලදී ගත් ලෙදර් ක්‍රිකට් පන්දුවක් මේ වනවිට රුපියල් 1350ක් 1500ක් පමණ දක්වා මිල ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ආනයන අත්හිටුවා ඇති භාණ්ඩ සඳහා ප්‍රමුඛතාවය මත ආනයන තහනම ලිහිල් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ (29) සඳහන් කළා.
ආනයන හා අපනයන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.














