ආනයන තහනමින් ක්‍රිකට් ක්‍රීඩාවටත් බාධා

මේ වනවිට රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සහ ඩොලර් හිඟය හේතුවෙන් මෙරටට ගෙන් වූ භාණ්ඩ රැසක් ආනයනය නතර කිරීමට රජය මේ වනවිට කටයුතු කරනවා.

එම තහනම සමඟ ලෙදර් ක්‍රිකට් පන්දුවල ද දැඩි හිඟයක් ඇතිව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ආනයනය තහනම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රිකට් උපකරණ ආනයනකරුවන්ට පන්දු ඇතුළු සෙසු උපකරණ ආනයනය කිරීමට නොහැකි වී ඇති අතර, ඒ හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත මූල්‍ය ශක්තියක් නොමැති පාසල් විශාල අර්බුදයකට මුහුණ දී සිටින බව සඳහන්.

ආනයන සීමා පැනවීමට පෙර රුපියල් 650 කට 700 කට වැනි මුදලකට මිලදී ගත් ලෙදර් ක්‍රිකට් පන්දුවක් මේ වනවිට රුපියල් 1350ක් 1500ක් පමණ දක්වා මිල ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ආනයන අත්හිටුවා ඇති භාණ්ඩ සඳහා ප්‍රමුඛතාවය මත ආනයන තහනම ලිහිල් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ (29) සඳහන් කළා.

ආනයන හා අපනයන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51