පෙම්වතාගේ උපන්දිනයට 10 වසරේ පෙම්වතියගෙන් පංති කාමරය තුළ සාදයක්

හලාවත අධ්‍යාපන කලාපයේ ප්‍රධාන පෙළේ පාසලක සිසුවියක් තම පෙම්වතාගේ උපන්දිනය සැමරීම සඳහා පංති කාමරය තුළ සාදයක් සංවිධානය කළ පුවතක් වාර්තා වනවා.

දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවිය සාදයට වියදම් කිරීම සඳහා නිවසින් රුපියල් 20,000ක මුදලක් ද සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ.

පන්ති කාමරයක උපන්දින සාදයක් පැවැත්වෙන බවට ලද තොරතුරක් මත පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරුන් එම ස්ථානයට පැමිණ ඇති අතර එම අවස්ථාවේ සාදය සඳහා රැගෙනවිත් තිබූ කේක්, බිස්කට්,රසකැවිලි සහ බියර් කෑන් කිහිපයක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

එහිදී සාදය සංවිධානය කිරීමට මුල් වූ ළමුන් සති දෙකක පන්ති තහනමකට ලක් කිරීමට කටයුතු කර ඇති අතර, සිද්ධිය පිළිබඳව විධිමත් විනය පරීක්ෂණයක් පවත්වන බව ද විදුහල්පතිවරයා සඳහන් කළා.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26
Video thumbnail
ගමනාගමන කොමිසමේ හිටපු සභාපතිව උසාවියට රැගෙන ගිය හැටි මෙන්න
00:54
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40