spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෙම්වතාගේ උපන්දිනයට 10 වසරේ පෙම්වතියගෙන් පංති කාමරය තුළ සාදයක්

හලාවත අධ්‍යාපන කලාපයේ ප්‍රධාන පෙළේ පාසලක සිසුවියක් තම පෙම්වතාගේ උපන්දිනය සැමරීම සඳහා පංති කාමරය තුළ සාදයක් සංවිධානය කළ පුවතක් වාර්තා වනවා.

දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවිය සාදයට වියදම් කිරීම සඳහා නිවසින් රුපියල් 20,000ක මුදලක් ද සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ.

පන්ති කාමරයක උපන්දින සාදයක් පැවැත්වෙන බවට ලද තොරතුරක් මත පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරුන් එම ස්ථානයට පැමිණ ඇති අතර එම අවස්ථාවේ සාදය සඳහා රැගෙනවිත් තිබූ කේක්, බිස්කට්,රසකැවිලි සහ බියර් කෑන් කිහිපයක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

එහිදී සාදය සංවිධානය කිරීමට මුල් වූ ළමුන් සති දෙකක පන්ති තහනමකට ලක් කිරීමට කටයුතු කර ඇති අතර, සිද්ධිය පිළිබඳව විධිමත් විනය පරීක්ෂණයක් පවත්වන බව ද විදුහල්පතිවරයා සඳහන් කළා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?