බිත්තරයක මිල තවත් ඉහළ යයි ද ?

බිත්තර මිල සංශෝධනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අනිද්දා (28) දිනයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

මේ අතර සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය සඳහන් කරන්නේ බිත්තරයක මිල තවත් අඩුකළ හැකි බවයි.

බිත්තර නිෂ්පාදන වියදම අඩු වී ඇති බැවින් මෙලෙස බිත්තරයක මිල අඩුකළ හැකි බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ වනවිට වෙළඳපොළේ බිත්තරයක මිල රුපියල් 49ත් 50ත් අතර අගයක් ගනු ලබනවා.

ඒ අනුව එම මිල තවදුරටත් අඩු කළ හැකි බවයි සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය සඳහන් කළේ.

මේ අතර අප කළ විමසීමකදී බිත්තර නිෂ්පාදකන්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක සඳහන් කළේ එලෙස බිත්තර මිලේ අඩු කිරීමක් සිදුකළ නොහැකි බවයි.

ඒ, අනුව ඔහු වැඩි දුරටත් සඳහන් කළේ බිත්තරයක මිල තවත් රුපියල් හතරකින් හෝ පහකින් පමණ ඉහළ දැමිය යතු බවටයි.

බිත්තර ගොවියාට එම කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් මෙලෙස බිත්තරයක මිල තවත් රුපියල් හතරකින් හෝ පහකින් ඉහළ දැමිය යුතු බවයි සභාපතිවරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16