spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බිත්තරයක මිල තවත් ඉහළ යයි ද ?

බිත්තර මිල සංශෝධනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අනිද්දා (28) දිනයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

මේ අතර සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය සඳහන් කරන්නේ බිත්තරයක මිල තවත් අඩුකළ හැකි බවයි.

බිත්තර නිෂ්පාදන වියදම අඩු වී ඇති බැවින් මෙලෙස බිත්තරයක මිල අඩුකළ හැකි බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ වනවිට වෙළඳපොළේ බිත්තරයක මිල රුපියල් 49ත් 50ත් අතර අගයක් ගනු ලබනවා.

ඒ අනුව එම මිල තවදුරටත් අඩු කළ හැකි බවයි සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය සඳහන් කළේ.

මේ අතර අප කළ විමසීමකදී බිත්තර නිෂ්පාදකන්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක සඳහන් කළේ එලෙස බිත්තර මිලේ අඩු කිරීමක් සිදුකළ නොහැකි බවයි.

ඒ, අනුව ඔහු වැඩි දුරටත් සඳහන් කළේ බිත්තරයක මිල තවත් රුපියල් හතරකින් හෝ පහකින් පමණ ඉහළ දැමිය යතු බවටයි.

බිත්තර ගොවියාට එම කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් මෙලෙස බිත්තරයක මිල තවත් රුපියල් හතරකින් හෝ පහකින් ඉහළ දැමිය යුතු බවයි සභාපතිවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?