සින්ඩි මැකේන් අද දිවයිනට

රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය සඳහා වන එක්සත් ජනපද ස්ථිර නියෝජිතවරිය වන සින්ඩි මැකේන් සංචාරයක් සඳහා අද (25) දිනයේ දී මෙරටට පැමිණීමට නියමිතයි.

ඇය ලබන 28 වනදා දක්වා දිවයිනේ රැදී සිටින බවයි වාර්තා වුණේ.

එහිදී ඇය කොළඹදී ආධාර ලබාදෙන සංවිධාන හමුවීමට අමතරව, මධ්‍යම පළාතේ පාසල්, කෘෂිකාර්මික පර්යේෂණ ආයතන සහ ප්‍රජා සංවිධාන හමුවේ එක්සත් ජනපද අරමුදලින් ක්‍රියාත්මක වන මානුෂීය ආධාර වැඩසටහන්වල ප්‍රතිලාභීන් සහ ඒවා ක්‍රියාත්මක කරන්නන් ද මුණගැසීමට සැලසුම්කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ කැපවීම සහ මෙරට සමඟ පවතින හවුල්කාරිත්වය ශක්තිමත් කරගැනීම ඇයගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?