විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, ඇමරිකානු ජනාධිපති හමුවෙයි

මෙරට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හමු වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වන සැසිවාරය නිමිත්තෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යාව විසින් සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයකදී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ව හමු වී ඇති බව සඳහන්.

මේ අතර අමාත්‍ය අලි සබ්රි විසින් සැප්තැම්බර් 24 වන දින එනම හෙට දින නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකා ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ද නියමිතයි.