අයියාගේ මරණයට කම්පාවට පත් තම නැඟණියගේ ලය පැලී මරුට

තම සහෝදරයාගේ හදිසි මරණයට කම්පාවට පත් ඔහුගේ බාල සොයුරිය ද ලය පැලී මිය යාමේ පුවතක් වාර්තාවනවා. ඒ කළුතර ප්‍රදේශයෙනි.

අසේල සුරංග සිල්වා නමැති 42 හැවිරිදි දෙදරු පියෙකු පපුවේ අමාරුවකින් පෙරේදා මියගොස් ඇති අතර , පසුදින ඔහුගේ අවසන් කටයුතු සිදුකිරීමට සූදානම් වන අවස්ථාවේ දේහය අසල වැලපෙමින් සිටී ඔහුගේ බාල සොයුරිය වන අගම්පොඩි රංගී දුලංජනී සිල්වා නමැති 31 හැවිරිදි අයද දේහය අසල ඇදවැටී මියගොස් ඇතැයි පොලිසිය සදහන් කරයි. ඔවුන්ගේ වියෝවෙන් පසු අසේල සුරංග ගේ දියණිය පුතා, මස්සිනා සහ නැන්දා කම්පනය හේතුවෙන් කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?