මට මගේ ප්‍රේමය හමුවුණා

ආදරයට ජාති, කුල, මල, ආගම් භේද මෙන්ම වයස් භේදයක් නම් ඇත්තේම නැත. විශේෂයෙන් තමන් විවාහය සඳහා තෝරා ගන්නේ ප්‍රකෝටිපතියෙක් නම්, ඔය කිසිවක් අදාළ වන්නේම නැත. මේ ආදර කතා ලෝකයට අලුත්ම උදාහරණය එක් කර සිටියේ දමිළ සිනමාවේ ජනප්‍රිය නිළි මහාලක්ෂ්මි සහ චිත්‍රපට නිෂ්පාදක රවීන්ද්‍ර චන්ද්‍රසේකරන්ය. මහාලක්ෂ්මි යනු කන්නඩ සිනමාවේ ජනප්‍රිය නිළියකි. ඇය රූපවාහිනී මාලා නාටක කිහිපයකටද රංගනයෙන් දායක වී තිබේ.

එමෙන්ම රවීන්ද්‍ර චන්ද්‍රසේකරන් යනුද දමිළ සිනමාවේ දැවැන්තයෙකි. එසේම තම මුදල් සම්භාරය දමිළ සිනමාවේ ආයෝජනය කළ ධනවතෙකි. ඔහුගේ ආයෝජන ලෙස දමිළ සිනමාවට බොහෝ නව නිර්මාණ බිහි වී තිබේ. ‘මුරුන්ගායිකායි චිප්ස්‘ යනුවෙන් නම් කළ චිත්‍රපට ද්විත්වය ඒ සඳහා හොඳම උදාහරණ වේ. ඒ හැර තවත් සිනමාපට රාශියක නිෂ්පාදකවරයා වූ රවීන්ද්‍ර, ඒ හැර අධ්‍යක්ෂවරයකු මෙන්ම රංගන ශිල්පියකු ලෙසින්ද දමිළ සිනමා ක්ෂේත්‍රයට දායක වී තිබේ.

සිනමා ක්ෂේත්‍ර යේ කටයුතු අතරම මුණගැසී ඇති මේ යුවළ පසුව තම ප්‍රේම සම්බන්ධය විවාහයක් දක්වා ගෙන ඒමට කටයුතු කර තිබේ.

ඒ අනුව සැප්තැම්බර් පළමු වැනිදා තිරුපතිහිදී මේ නව යුවළ අතිනත ගෙන තිබේ. මේ විවාහය මුළු මහත් ඉන්දියාව පුරා පැතිර ගිය පුවතක් විය. මේ දෙදෙනාම මීට පෙර විවාහ වී සිටි අය වන අතර, මේ දෙදෙනාගේම දෙවැනි විවාහයන් වේ.

කෙසේ වුවද විවාහයෙන් පසු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් රවීන්ද්‍ර පවසා ඇත්තේ ‘ස්ථූලතාවයෙන් යුතු ජීවිතයක්‘ වෙත (තම බිරිය) ආදරයෙන් පිළිගන්නා බවයි. රවීන්ද්‍ර චන්ද්‍රසේකර් මේ වන විට 38 වැනි වියේ පසුවන අතර, ඔහුගේ බිරිය වන මහාලක්ෂ්මි 32 වැනි වියේ පසුවන්නීය. දෙදෙනා අතර සිනමා කර්මාන්තයේ සිට බොහෝ ගැළපීම් පවතින නමුත් රවීන්ද්‍ර චන්ද්‍රසේකර් යනු අධික ස්ථුලතාවයෙන් පෙළෙන අයකු වන බැවින් මේ නව යුවළ සුවිශේෂ වන බව බොහෝ පුවත්වල දක්වා තිබිණි.

එසේ වුවද තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට පණිවිඩයක් නිකුත් කරමින් මහාලක්ෂ්මි පවසා තිබුණේ තමන්ට රවීන්ද්‍ර හිමි වීම යනු තම ප්‍රේමය හිමි වීම බවයි. එමෙන්ම ඔහු හිමි වීම නිසාම තමා මහත් වාසනාවන්ත බව හැඟෙන්නේ යැයිද මහාලක්ෂ්මි එම පණිවිඩයෙහි සඳහන් කර තිබිණි.

ඒ සමඟම ඔවුන් දෙදෙනාගේ විවාහ මංගලෝත්සවයේ ඡායාරූප කිහිපයක්ද මාධ්‍ය වෙත නිකුත් කිරීමට දෙදෙනාම කටයුතු කර තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12