17 තරුණයා පැදවූ රථය බිබිල – මඩකලපුව මාර්ගයේ මාරක අනතුරකට ලක්වෙයි

බිබිල – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පුවක්පැලේ ප්‍රදේශයේ දී ඊයේ (04) රාත්‍රියේ සිදු වූ මෝටර් රථ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉහළ වීදිය, පදියතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙක් බවයි පොලිසිය පැවසුවේ.

අනතුර සිදුවන අවස්ථවේ දී අදාළ සිසුවා විසින් මෝටර් රථය පදවා ඇති අතර, එහිදී රථය තුළ සිටි ඔහුගේ පියා ද තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෝටර් රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.

මිය ගිය තරුණයාගේ මෘත ශරීරය බිබිල රෝහලේ තැන්පත්කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?