ශ්‍රී ලංකාව ගැන IMF කළමනාකාර අධ්‍යක්ෂවරියගෙන් විශේෂ ප්‍රකාශයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ අරමුදල් පහසුකමක් සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීම පිළිබඳව එහි කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

ඇය නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීම පිළිබඳව තමන් ඉමහත් ප්‍රසාදයට පත් වන බව ය.

මෙය ශ්‍රී ලංකාවට ඉදිරියට ගමන් කිරීම සඳහා වැදගත් පියවරක් බව ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අගෝස්තු 31 වන දා නිල වශයෙන් නිවේදනය කළේ ය.

ඒ අනුව ශ්‍රී ලංකාවට මාස 48ක වැඩපිළිවෙළක් යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේදී ලබා දීමට නියමිත ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.23
00:00
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12