spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව ගැන IMF කළමනාකාර අධ්‍යක්ෂවරියගෙන් විශේෂ ප්‍රකාශයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ අරමුදල් පහසුකමක් සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීම පිළිබඳව එහි කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

ඇය නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීම පිළිබඳව තමන් ඉමහත් ප්‍රසාදයට පත් වන බව ය.

මෙය ශ්‍රී ලංකාවට ඉදිරියට ගමන් කිරීම සඳහා වැදගත් පියවරක් බව ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අගෝස්තු 31 වන දා නිල වශයෙන් නිවේදනය කළේ ය.

ඒ අනුව ශ්‍රී ලංකාවට මාස 48ක වැඩපිළිවෙළක් යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේදී ලබා දීමට නියමිත ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?