ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමය හෙවත් QR ක්‍රමවේදය මගින් ඉන්ධන මිලදී ගැනීමට ලියාපදිංචි වන වාහන ප්‍රමාණය ඉහළ ගොස් තිබුණත් ඉන්ධන පාරිභෝජනය සැලකිය යුතු මට්ටමින් පහළ ගොස් ඇතැයි (23 දා) QR ප්‍රගති සමාලෝචනයේදී හෙළි වී තිබේ. QR ක්‍රමවේදය යටතේ රථ වාහන ලක්ෂ හැටකට වඩා ලියාපදිංචි වී ඇති අතර ඉන් වාහන ලක්ෂ 46 ක් මෙම ක්‍රමවේදය යටතේ ඉන්ධන මිලදී ගෙන ඇත.
නමුත් QR ක්‍රමයට ඉන්ධන මිලදී ගැනීමට ලියාපදිංචිය ලැබූ වාහන ලක්ෂ හැටෙන් ලක්ෂ දාහතරක්ම ඉන්ධන ලබාගෙන නැත. ඊට හේතුව සිතාගත නොහැකි බව මේ පිළිබඳ තෙල් සංස්ථාවෙන් කළ විමසීමකදී පැවසීය.
මේ අතර රථ වාහන නොවන අවශ්‍යතා වන කර්මාන්ත, ආයතන සඳහා ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළක් වහා සැකසීමට විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා තීරණය කර ඇත.
මේ වනවිට රථ වාහන නොවන අංශ සඳහා ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයේ අඩුපාඩු මත මෙම පියවර ගැනීමට නියමිතය.




