බිස්කට් කර්මාන්තයට සිදුව ඇති දේ අපටත් සිදුවේවි – බේකරි හිමියන්ගේ සංගමය

රජය මැදිහත් වී තම ගැටළු සඳහා සහනයක් ලබා නොදුනහොත් බිස්කට් කර්මාන්තයට මේ වනවිට සිදුව ඇති තත්ත්වය තම කර්මාන්තයට ද උදාවිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ රජය සහ බලධාරීන්ගේ සහාය ලැබේ නම් රුපියල් 190ක් වැනි අධික මිලකට මේ වනවිට අලෙවිවන ග්‍රෑම් 400ක පාන් රාත්තල රුපියල් 50 කින් පමණ අඩුකළ හැකි බවයි.

එමෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද සැලකිය යුතු මුදලකින් අඩුකර ජනතාවට සහනයක් ලබාදීමට බේකරි හිමියන්ට හැකියාව ඇති බව ද ඔහු සඳහන් කළා.

ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් වෙළඳපොළ තුළ නිෂ්පාදන අමුද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව පැවසූ සභාපතිවරයා පාන්පිටි මාෆියාවක් ද රට තුළ ක්‍රියාත්මක බව සඳහන් කළා.

බිත්තර සඳහා පාලන මිලක් පැනවූව ද තමන්ට තවමත් පාලන මිලට බිත්තර ලබාගත නොහැකි බවද ඔහු ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?