Indian Premier League

ජිවන රඟ මඩලෙන් සමුගත් ජයලාල් රොහණගේ නිසල දේහය නිවසට (ඡායාරූප සහ වීඩියෝ)

ජයලාල් රෝහණ මහතා මියයන විට 56 වන වියේ පසුවිය.ප්‍රවීණ රංගන ශිල්පි ජයලාල් රෝහණ මහතා උපත ලබන්නේ 1964 නොවැම්බර් මස 01 වනදාය.

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරු ඔහු උසස් අධ්‍යාපනය නිම කරන්නේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙනි.

සමාජ විද්‍යාව, දර්ශනය, නාට්‍ය හා රංග කලාව යන විෂයන් සම්බන්ධයෙන් ශාස්ත්‍රපති උපාධිධාරියෙක් වන ජයලාල් රෝහණ මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ ආරාධිත කථිකාචාර්යවරයෙකු ලෙස ද, නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරුවරයෙකු ලෙස ද කටයුතු කළේය.

රංගන ශිල්පියෙකු ලෙස පමණක් නොව නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, ගුවන්විදුලි පිටපත් රචකයෙකු, ලේඛකයෙකු මෙන්ම වේෂ නිරූපණ ශිල්පියෙකු ලෙස ‍ඔහු කලා ක්ෂේත්‍රයට දැක්වූ දායකත්වය අතිමහත් ය.

අයෝමා, ටිකිරි සුවඳ, සිංහාවලෝකනය සහ ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් වැනි චිත්‍රපට සඳහා ජයලාල් රෝහණ මහතා රංගනයෙන් එක්ව තිබුණි.

ඔහු රඟපෑ වේදිකා නාට්‍ය අතරට මුහුදු පුත්තු, කැලණි පාලම, ගංගාවක්, කළු සහ සුදු මෙන්ම හන්කිති දහතුන ඇතුළත් ය.

වේදිකාවෙත් පුංචි තිරයෙත් දැක්වූ රංගනයේ විශිෂ්ට ප්‍රතිභාව වෙනුවෙන් අවස්ථා රැසකදී ජයලාල් රෝහණ මහතා සම්මානයෙන් පිදුම් ලැබීය.

ඉසුරු යෝගයේ මුතුමිණ ගේ චරිතයත් සඳගලතැන්නේ ග්‍රාමසේවකගේ චරිතයත් ජයලාල් රෝහණ මහතාගේ රංගනයේ විශිෂ්ටත්වය අපූරුවට විදහා දැක්වීමට සමත් විය.

ප්‍රහසන කලා ශිල්පියෙකු ලෙසින් ද සිය රංගනය තුළින් ප්‍රේක්ෂකයින් සිනා සයුරක ගිල්වූ ජයලාල් රෝහණ මහතා සිය ජීවන ගමනට සමුදුන්නේ ඊයේ (11) රාත්‍රියේ ය.

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතාගේ දේහය අද (12) පස්වරුවේ ගනේමුල්ල කොස්ඉන්න ප්‍රදේශයේ ඇති ඔහුගේ නිවස වෙත රැගෙන එන ලද අතර පවුලේ ඥාතින් පැවසුවේ, දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බවය.

jayalal rohana photos 2
jayalal rohana photos 3
jayalal rohana photos 4
jayalal rohana photos 5
jayalal rohana photos 1
jayalal rohana photos 1

https://youtu.be/dcBqclgB25o
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත - හීනටියන ගමම දෙවනත් කරපු ගැස්සුනු කොකා....
01:07
Video thumbnail
‍රංජිත් හිනාවෙන්ම ආණ්ඩුවට දෙසපු සුපිරිම දෙසිල්ල
07:43
Video thumbnail
බිලියන ගාණක් මහජන මුදල් විනාශ කරලා - ගරා වැටුණු ජනාධිපති මන්දිරය
08:46
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:35:01
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමිය හිනාවෙලා රනිල් ගැන කියපු කතාව
07:56
Video thumbnail
ආශු මාරසිංහ කෙලින්ම සැරටම කියපු කතාව
06:53

?