ජිවන රඟ මඩලෙන් සමුගත් ජයලාල් රොහණගේ නිසල දේහය නිවසට (ඡායාරූප සහ වීඩියෝ)

ජයලාල් රෝහණ මහතා මියයන විට 56 වන වියේ පසුවිය.ප්‍රවීණ රංගන ශිල්පි ජයලාල් රෝහණ මහතා උපත ලබන්නේ 1964 නොවැම්බර් මස 01 වනදාය.

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරු ඔහු උසස් අධ්‍යාපනය නිම කරන්නේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙනි.

සමාජ විද්‍යාව, දර්ශනය, නාට්‍ය හා රංග කලාව යන විෂයන් සම්බන්ධයෙන් ශාස්ත්‍රපති උපාධිධාරියෙක් වන ජයලාල් රෝහණ මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ ආරාධිත කථිකාචාර්යවරයෙකු ලෙස ද, නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරුවරයෙකු ලෙස ද කටයුතු කළේය.

රංගන ශිල්පියෙකු ලෙස පමණක් නොව නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, ගුවන්විදුලි පිටපත් රචකයෙකු, ලේඛකයෙකු මෙන්ම වේෂ නිරූපණ ශිල්පියෙකු ලෙස ‍ඔහු කලා ක්ෂේත්‍රයට දැක්වූ දායකත්වය අතිමහත් ය.

අයෝමා, ටිකිරි සුවඳ, සිංහාවලෝකනය සහ ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් වැනි චිත්‍රපට සඳහා ජයලාල් රෝහණ මහතා රංගනයෙන් එක්ව තිබුණි.

ඔහු රඟපෑ වේදිකා නාට්‍ය අතරට මුහුදු පුත්තු, කැලණි පාලම, ගංගාවක්, කළු සහ සුදු මෙන්ම හන්කිති දහතුන ඇතුළත් ය.

වේදිකාවෙත් පුංචි තිරයෙත් දැක්වූ රංගනයේ විශිෂ්ට ප්‍රතිභාව වෙනුවෙන් අවස්ථා රැසකදී ජයලාල් රෝහණ මහතා සම්මානයෙන් පිදුම් ලැබීය.

ඉසුරු යෝගයේ මුතුමිණ ගේ චරිතයත් සඳගලතැන්නේ ග්‍රාමසේවකගේ චරිතයත් ජයලාල් රෝහණ මහතාගේ රංගනයේ විශිෂ්ටත්වය අපූරුවට විදහා දැක්වීමට සමත් විය.

ප්‍රහසන කලා ශිල්පියෙකු ලෙසින් ද සිය රංගනය තුළින් ප්‍රේක්ෂකයින් සිනා සයුරක ගිල්වූ ජයලාල් රෝහණ මහතා සිය ජීවන ගමනට සමුදුන්නේ ඊයේ (11) රාත්‍රියේ ය.

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතාගේ දේහය අද (12) පස්වරුවේ ගනේමුල්ල කොස්ඉන්න ප්‍රදේශයේ ඇති ඔහුගේ නිවස වෙත රැගෙන එන ලද අතර පවුලේ ඥාතින් පැවසුවේ, දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බවය.

jayalal rohana photos 2
jayalal rohana photos 3
jayalal rohana photos 4
jayalal rohana photos 5
jayalal rohana photos 1
jayalal rohana photos 1

https://youtu.be/dcBqclgB25o
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
00:00
Video thumbnail
අර්චුනාට හදිසියේම මතුවූ ප්‍රශ්නය
00:19
Video thumbnail
හරක් කටාගෙන් අල්ලස් ගත් සිද්ධියට අත්අඩංගුවට ගත් පුතාව බලන්න විජයදාස හදිසියේම එයි
01:38
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09
Video thumbnail
ජනාධිපතිට හිතක් පපුවක් නැද්ද ? ඇයි අසරණවෙච්ච ජනතාව තවත් අසරණ කරන්නේ මෙහෙම ?
06:15
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා වරායෙන් රැගෙන ආ අයුරු - මෙන්න ඔබ නොදුටු දසුන් පෙළක්
01:39
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25