spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිදහස් දින සැමරුම සංවිධානය කිරීමේ කැබිනට් අනුකාරක සභාවක්

75 වන නිදහස් දින සැමරුම සංවිධානය කිරීමේ කැබිනට් අනුකාරක සභාවක් පත්කර තිබෙනවා.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකුගෙන් මෙම අනුකාරක සභාව සමන්විත වන බවයි කැබ්නට් මාධ්‍ය ප්‍රකාශයවරයා අද (16) සඳහන් කළේ.

එම කැබිනට් අනුකාරක සභාව පහතින්

රනිල් වික්‍රමසිංහ – ජනාධිපති
දිනේෂ් ගුණවර්ධන – අග්‍රාමාත්‍ය
බන්දුල ගුණවර්ධන
කංචන විජේසේකර
කෙහෙළිය රඹුක්වැල්ල
ඩග්ලස් දේවානන්දා
සුසිල් ප්‍රේම්ජයන්ත්
අලි සබ්රි
විදුර වික්‍රමනායක
ටිරාන් අලස්

මේ අතර අගෝස්තු මස 15 වැනි දිනට යෙදුණු ඉන්දියාවේ 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය යන තේමාව පදනම් කරගෙන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඒකාබද්ධ ව මුද්දරයක් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනා වී තිබෙනවා.

මෙම යෝජනාව අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ.

දෙරටේම තැපැල් දෙපාර්තමේන්තුවල මූලිකත්වයෙන් මෙම මුද්දරය නිකුත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?