නිදහස් දින සැමරුම සංවිධානය කිරීමේ කැබිනට් අනුකාරක සභාවක්

75 වන නිදහස් දින සැමරුම සංවිධානය කිරීමේ කැබිනට් අනුකාරක සභාවක් පත්කර තිබෙනවා.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකුගෙන් මෙම අනුකාරක සභාව සමන්විත වන බවයි කැබ්නට් මාධ්‍ය ප්‍රකාශයවරයා අද (16) සඳහන් කළේ.

එම කැබිනට් අනුකාරක සභාව පහතින්

රනිල් වික්‍රමසිංහ – ජනාධිපති
දිනේෂ් ගුණවර්ධන – අග්‍රාමාත්‍ය
බන්දුල ගුණවර්ධන
කංචන විජේසේකර
කෙහෙළිය රඹුක්වැල්ල
ඩග්ලස් දේවානන්දා
සුසිල් ප්‍රේම්ජයන්ත්
අලි සබ්රි
විදුර වික්‍රමනායක
ටිරාන් අලස්

මේ අතර අගෝස්තු මස 15 වැනි දිනට යෙදුණු ඉන්දියාවේ 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය යන තේමාව පදනම් කරගෙන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඒකාබද්ධ ව මුද්දරයක් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනා වී තිබෙනවා.

මෙම යෝජනාව අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ.

දෙරටේම තැපැල් දෙපාර්තමේන්තුවල මූලිකත්වයෙන් මෙම මුද්දරය නිකුත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14