69ලක්ෂයේ පාරිශුද්ධ අදහස තේරුම්ගන්න. ආධ්‍යාත්මය කියවන්න බැරි පාලකයෙක් මොකට ද?

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වැළඳගැනීමට රටේ ජනතාව සූදානම් නැතැයි මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පැවසීය. ආණ්ඩුවේ පක්ෂ 11ක සාමාජිකයන් සමඟ අද (25) පැවති සාකච්ඡාවේදී උන්වහන්සේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ, මුළු රටම හරි මඟට වැඩසටහනේ එකඟ විය නොහැකි කරුණු ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම ප්‍රකාශයක් සිදුකරන ලෙසය.

මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි,

“ඉදිරිපත් කළ යෝජනාවලියට විරෝධයක් ඇත්නම්.. නොහැකියා තිබේ නම් ඉදිරිපත් කරන්න. සර්ව පාක්ෂික සමුළුවේදී ණය ගන්න කියලා දෙනවා. ණයවලින් හිරවෙන්න වුවමනා නැහැ. ඒක හරියට පරණ හිඟන්නා අලුත් හිඟන්නට හිඟාකන්න කියාදෙනවා වගේ.” 

“සුමන්තිරන් 13ට එහා ගිය විසඳුමක් බලාපොරොත්තුවෙන් බොරදියේ මාළු බාන්න පටන්ගෙන. ආණ්ඩුවේ ඇතැමුන් කල්පනා කරනවා යටත්වීම්, පවරාදීම් කමක් නැහැ කියයි කියලා.”

“බලයට ගෙද්දි හිටපු මිනිස්සු නෙවෙයි ලොකු වුණේ. ජන නායකයින්ව වැරදි පාරක අරන් ගියා. වැරදිලා තියෙන්නේ රටට… හොඳම කෙනා කියලා තැනකට ගෙනත් ජාතිමාමක පිරිස පච කරලා.”

“ගැත්තන්ට නටන්න පුළුවන් පසුබිම හැදෙනවා. 69ලක්ෂයේ පාරිශුද්ධ අදහස තේරුම්ගන්න. ආධ්‍යාත්මය කියවන්න බැරි පාලකයෙක් මොකට ද?”

“මම ජනපතිට කිව්වා.. හැත්ත බුරුත්ත පැත්තකින් තියන්න කියලා. බැසිල් සහෝදරයෙක් විදියට හොඳ ඇති. ජනතාව බැසිල්ව වැළඳගන්න කැමති නැහැ. ඇමතිකමින් අයින් කරන්න පුළුවන්. අපිව මොකෙන් අයින් කරන්න ද? අපිව අයින් කරන්න පුළුවන්… එච්චරයි. අපේ සියල්ල මවුබිම. කනගාටුයි ටිකක් සැරට කිව්වාට.”

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා,

“පාර්ලිමේන්තුව මුකුත් දන්නේ නැහැ. ඇතැම් ගිවිසුම්වලින් ස්වෛරීත්වයට බලපෑම්. MCC ගිවිසුම යළිත් කරලියට ගෙන ඒමේ සූදානමක් තියෙනවා. අපිට වගකීමක් තිබෙනවා මේ ගමනට එරෙහිවන්න. ගත හැකි සෑම පියවරක්ම ගන්නවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58