රක්වානේ පතලකින් මතු වූ සිරුර..

රක්වාන පොලිස් වසමේ බෝටියතැන්න ප්‍රදේශයේ පරණ පතල් වලක තිබී මළ සිරුරක් සොයාගෙන තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 52 හැවිරිදි දෙදරු පියෙකු බව තහවුරු වී ඇත.

ඔහු කොළඹ පෙදරේරු රැකියාවක නිරත වී සිට ඇතැයි අප වාර්තාකරු පැවසුවේය.

ඔහු කොළඹ සිට රක්වානට පැමිණ ඇත්තේ මීට දින 8කට පෙරයි.

ඔහු කොළඹ සිට පැමිණි බස් රථය රක්වාන 03 කණුව ආසන්නයේදී අනතුරකට ලක්ව තිබේ.

එම නිසා එතැන් පටන් එම පුද්ගලයා පා ගමනින් සිය නිවසට පැමිණ ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.

තම සොහොයුරුගෙන් පිළිතුරක් නොමැති හෙයින් පසුගිය 18වැනිදා සොයුරිය විසින් පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර ඒ අනුව කළ පරීක්ෂණවලදී ඊයේ ඔහුගේ සිරුර සොයා ගැනුණේ රක්වාන – පොතුපිටිය ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 20 ක දුරින් වූ පරණ පතල් වලක තිබියදීය.

පැල්මඩුල්ල අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් චමත් අමරසේකර මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේය.

ඒ අනුව ඔහු නියෝග කළේ සිරුර රත්නපුර මහ රෝහලට රැගෙන ගොස් අධිකරණ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06