50000 දඩය මේ මොහොතේ ක්‍රියාත්මක කරන්නේ නැහැ – මුදල් රාජ්‍ය ඇමති

වසය අවුරුදු 18ට වැඩි සියලු පුද්ගලයන් සඳහා බදු අංකයක් ලබාගැනීම අනිවාර්ය වුව ද, ඊට අනුගත නොවන පුද්ගලයන්ට රුපියල් 50000ක දඩ මුදලක් අය කිරීමට නීතිමය ප්‍රතිපාදන ඇතත් එය මේ මොහොතේ ක්‍රියාත්මක නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා අමාත්‍යවරයා සඳහන් කළේ රටේ අනාගතය ගැන සිතා රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ අරමුණින් යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කළ ද ඒ තුළින් රටේ ජනතාව පීඩාවට පත් කිරීමට බලාපොරොත්තු නොවන බවයි.

බදු ලිපිගොනුවක් විවෘත කර අංකයක් ලබාගැනීම අනිවාර්ය වුව ද ඒ සියලු දෙනා බදු ගෙවිය යුතුය යන්න කිසිසේත්ම අදහස් නොවන බව ඔහු අවධාරණය කළා.

අමාත්‍යවරයා කියාසිටියේ දැනට මාසයකට රුපියල් ලක්ෂයක ශුද්ධ ආදායමක් ලබන පුද්ගලයන් පමණක් බදු ආදායම් බදු ගෙවිය යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14