පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවූ බව කියන සිද්ධියට අදාළව සිදු කරන විමර්ශන පිළිබඳ සවිස්තර වාර්තාවක් හෙට (19) පෙරවරු 9.00 ට පෙර අධිකරණය හමුවේ ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවී ඇති හෙයින් අදාළ විභාගය යළි පවත්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඊට සහභාගී වූ සිසු සිසුවියන් සහ දෙමව්පියන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කළ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
පෙත්සම් විභාගය අද දිනයේත් පැවැත්වෙනවා.














S vijegunarathne
Adaraniya demupiyani danta masa 3katath wadi ape duwa daruwan vibagaya liyala me lami January anthima wenakota grede 6 walata yanna wenawa akata me daruwanwa sudanam karnna one loku kalayak na akata anisa me prsnaya kohoma hri samathayakata path karala daruwange lakunu laba denna kiyanna pass unath fell unath kamak na daruwange lakunu awanna kiyanna ikmanatama pau me daruwo ara Peper pansalwalin liyala thiyenne Dan samahara awa makilath athi a nisa Dan meka adagenagiya hondatama athidaruwan wenuwen peni siti siyaluma denata thanks.
දැන් ඇති ඔය ප්රශ්නය කොච්චර කල් ගියත් තීණ්දුව එකයි
Me demawpiyanta ai meka notherenne.masa 3 wennath enawa daruwo vibhagaya liyala. Nawatha liyala tibuna lakunath nethiwenawa.ethakota dos kiyanne, rajayatada,daruwantada?,thamantamada?iskola ganna kiyala udgoshana karala. Nawatha liyala iskola hambeida.sihiyata ganna muhunadun siyalu daruwan vibhagaya samath nowana bawa.1000 paper salli walata aran liuwath ithiri 3 lakshayakata me magin wena asadaranaya hithanna.danwath prathipala laba denna ida denna. Thamange wasiyata nowa, daruwange hegim gena hithanna.