spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

26 හැවිරිදි චතුරිකාගේ දේහය යළි ගොඩගනී

යක්කල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවක්ගේ දේහය යළි ගොඩගැනීම සිදු කරනු ලැබුවා. ඇය පසුගිය වසරේ දෙසැම්බර් මස 23දා සියදිවි හානි කරගත් තිබු අතර එම දේහය ගොඩගන්නා ලෙස ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් කළ නියෝගයකට අනුවයි.

යක්කල ප්‍රදේශයේ කුලී නිවසක් තුළදී දිවි හානි කරගෙන තිබු මෙම තරුණිය, දෙසැම්බර් 26දා ඇගේ දේහය භූමදානය කර ඇති අතර මෙම මරණය පිලිබඳ මියගිය කාන්තාවගේ පියාට සහ සහෝදරියන්ට සැකයක් මතු වී ඇති නිසාවෙන් ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් ගම්පහ අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ අනුව ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් ආර්.එස්.එම්. මහේන්ද්‍ර රාජා නියෝග කර ඇත්තේ දේහය ගොඩ ගන්න ලෙසයි. ඉන් අනතුරුව රතුපස්වල සුසාන භුමියේ වලදමා තිබු දේහය අද (24) නැවත ගොඩ ගෙන තිබෙනවා. ඒ ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් ඉදිරිපිටයි. ගොඩ ගත් දේහය වතුපිටිවල රෝහලට ගෙන යාමට නියම කල නමුත් පියාගේ සහ සහෝදරියන්ගේ ඉල්ලීමක් මත දේහය යලි රාගම ශික්ෂණ රෝහලට ගෙන ගොස් තිබෙනවා. දේහය පිලිබඳ ඉදිරි පරීක්ෂණ හෙට දින සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?