2030 වන විට දේශීය කිරි අවශ්‍යතාවයෙන් 75% ක් සපුරාලීමට කිරි නිෂ්පාදන ජාතික වැඩසටහනක් – ජනපති

මේ වන විට ජනාධිපතිවරයා විසින් 2026 වසර සඳහා වන අයවැය කතාව පවත්වමින් සිටිනවා.

එහිදී ජනාධිපතිවරයා විසින් පහත කරණු සඳහන් කරනු ලැබුවා.

  • ලොකු ළූනු, අර්තාපල් සහ බඩ ඉරිඟු ඇතුළු ආහාර භෝග නිෂ්පාදනවල මිල උච්චාවචනය අවම කර ගැනීම සඳහා සතොස මඟින් සපයන සේවාවට අදාළ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට හා ගබඩා කරණයේ පහසුකම් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 1,000 ක්.
  • දඹුල්ල ශීතාගාර කෘෂි ගබඩාවට සූර්ය පැනල පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා රුපියල් මිලියන 250ක්
  • මාතලේ, මහනුවර හා වියලි කලාපයේ ශක්‍යතාවයක් සහිත ප්‍රදේශයන්හි කෘෂි නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කරනවා. ඒ වෙනුවෙන්, හඳුනාගත් වාරිමාර්ග ක්‍රම 400 ක් සඳහා රුපියල් මිලියන 4,000 ක් මධ්‍ය කාලීන අයවැය රාමුව තුළ ලබා දීමට යෝජනා කරන අතර, ඉන් වාරිමාර්ග ක්‍රම 100 ක් 2026 වසරේ දී ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
  • වර්තමාන දේශීය කිරි නිෂ්පාදනය රටෙහි කිරි අවශ්‍යතාවයෙන් සියයට 40 ක් පමණ සපුරාලීම සඳහා ප්‍රමාණවක් වන අතර, කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය සඳහා වාර්ෂිකව සැලකිය යුත් විදේශ විනිමය ප්‍රමාණයක් වැය වෙනවා. කිරිවලින් ස්වයං පෝෂිතවීම සඳහා වසරකට දළ වශයෙන් කිරි ලීටර් මිලියන 1,200 ක් නිෂ්පාදනය කළ යුතුයි.
  • 2030 වසර වන විට දේශීය කිරි අවශ්‍යතාවයෙන් සියයට 75 ක් සපුරාලීමේ ඉලක්කය වෙත ළඟා වීම සඳහා කිරි නිෂ්පාදන ජාතික වැඩසටහන සැලසුම් කර තිබෙනවා.
  • දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට රුපියල් මිලියන 1,000 ක ප්‍රතිපාදන ” සුළු හා මධ්‍ය පරිමාණ පශු සම්පත් සංවර්ධන වැඩසටහන ” යටතේ වෙන් කිරීමට යෝජනාවක්.
  • උසස් ආරයේ කිරි ගවයින් සහ සුකර ප්‍රභේද කිහිපයකට අයත් අභිජනන ඒකක වැඩි දියුණු කිරීමට හා පෝෂ්‍යය තෘණ වගා කිරීමට රුපියල් මිලියන 1,000ක් .
  • මිල්කො (ප්‍රයිවට්) ලිමිටඩ් හි බඩල්ගම නව කිරි කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට රුපියල් මිලියන 3,000 ක්. මෙහි වැඩ කටයුතු කඩිනමින් අවසන් කර, දැනට නාරාහේන්පිට ඇති කිරි කර්මාන්ත ශාලාව මෙම ස්ථානයට ගෙන යාමට යෝජනාවක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59