2026 මේ දක්වා සෑම මසකම රේගුවෙන් අපේක්ෂිත ආදායමට වඩා වැඩි ආදායමක්

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඇතුළු කටයුතු පසුගියදා සමාලෝචනය කර තිබෙනවා.

එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේ දී මේ පිළිබඳව කරුණු සමාලෝචනය කර ඇති බව සඳහන්.

මෙහිදී අදහස් දැක්වූ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන්, 2026 ජුනි 30 වනවිට අපේක්ෂිත රේගු ආදායම රුපියල් මිලියන 1,060,559 ක් බවත්, ඒ වනවිට රුපියල් මිලියන 1,379,084 ක් උපයා ඇති බවත් පවසා තිබෙනවා.

එනම් එය ප්‍රතිශතාත්මකව 130 %ක ප්‍රගතියක්.

මේ අනුව මෙම වසරේ සෑම මසකම අපේක්ෂිත රේගු ආදායමට වඩා වැඩි ආදායමක් උපයා ඇති බවත්, 2025 වසරට සාපේක්ෂව බලන විට එය සෑම මසකම ඉහළ ප්‍රගතියක් ලබා ඇති බවත් අදාළ දත්ත නිලධාරීන් කාරක සභාවේ දී පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම මෙම වසරේ වාහන ආනයනයට අදාළ කරුණු ඉදිරිපත් කරමින් නිලධාරීන්, 2026 ජූනි 30 වන විට වාහන 316,000ක් ආනයනය කර ඇති අතර, එයින් රුපියල් මිලියන 512,547ක බදු ආදායමක් ලැබී ඇති බවයි සඳහන් කර ඇත්තේ.

ඒ අනුව, වැඩිම බදු ආදායම වන රුපියල් මිලියන 386,726ක් ලැබී ඇත්තේ මෝටර් රථ ආනයනය මගින්.

එමෙන්ම, වැඩිම රේගු ආදායම් ගෙන දුන් භාණ්ඩ ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිව තිබුණේ, එන්ජින් ධාරිතාව 1000cc ට අඩු පෙට්‍රල් මෝටර් රථ සඳහා වන අතර එම අගය රුපියල් බිලියන 137.4ක්.

එනම් එය සමස්ත ආදාමෙන් 9.96% ක ප්‍රතිශතයක් බව සඳහන් වනවා.

ආනයනික බහාලුම් ප්‍රමාණයන් සහ ඒවා පරීක්ෂාවට ලක්වන ආකාරය, ශ්‍රී ලංකා රේගුවේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නවීන තාක්ෂණය හඳුන්වා දීම, ආදායම් පරිපාලනයේ පවතින අභියෝග, ඉදිරි සැලසුම් ඇතුළු කටයුතු පිළිබඳව ද මෙම කාරක සභාවේ දී අවධානය යොමු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් රුවන්වැලි මහා සෑයේ සහ ශ්‍රී මහා බෝධියේ කළ පිංකම්
01:49
Video thumbnail
කිරිබත්ගොඩ කුඩු නෝනා පොලිසියට ‍රැගෙන ආ හැටි
01:20
Video thumbnail
මල්ලිගේ වාහනය මට පදින්න බැයිද ?
01:33
Video thumbnail
මල්ලිගේ වාහනය මට පදින්න බැයිද ?මට සිංහල තේරෙන්නේ නෑ..වැරැද්ද මොකක්ද ?
02:26
Video thumbnail
අවු:2ක 3ක් යනකොට මේ රට හැදිගෑවිලා යනවා ?සොබාදහම කුපිතවෙලා තියෙන්නේ
05:09
Video thumbnail
CCIB එකෙන් එළියට ආ අරුන්දික ප්‍රනාන්දු හෙළිකරපු දේ - ශිරාන් බාසික්ගේ නමවත් ඇහුවේ නෑ මගෙන්
06:42
Video thumbnail
වැල්ලවායේ පාළු ඉඩමක තිබී ජීව අත්බෝම්බ දෙකක් සොයාගනි - STF නිලධාරීන් බෝම්බ නිෂ්ක්‍රිය කරයි
00:45
Video thumbnail
භාතිය සහ ආණ්ඩු ප්‍රබලයෙකුත් ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ඇවිත්
00:28
Video thumbnail
කාංචනා, සජිත ඇතුළු කලාකරුවන් රැසක් ප්‍රියංකරට සමුදෙන්න එයි - දිල්හානිගේ කඳුළු පිස දැමූ හිතවතිය
01:52
Video thumbnail
ප්‍රියංකර පෙරේරාට සමුදෙන්න ගිහින් සංවේදී වූ නාමල් - දිල්හානි සමඟ නාමල් දුක බෙදාගත්ත හැටි
00:55