Indian Premier League

2025 වසරේ මුල් මාස 02ට ලක්ෂ පහකට වැඩි සංචාරකයින් පිරිසක්

මෙම වසරේ මුල් මාස දෙක තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්මවා තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ 2025 ජනවාරි පළමු වනදා සිට මාර්තු 05 වනදා දක්වා සංචාරකයින් 530,746 දෙනෙක් මෙරටට පැමිණ ඇති බවයි.

මෙම සංචාරකයින් අතුරින් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යව දැක්වෙන්නේ 84,476ක් ලෙසයි.

දෙවනියට වැඩිම සංචාරකයින් පිරිසක් රුසියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 70,000කට වැඩි බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ.

ඊට අමතරව එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, චීනය ඇතුළු රටවලින් ද ඉහළ යුතු සංචාරකයින් පිරිසක් දිවයිනට මෙම වසරේ මුල් මස දෙක තුළ දිවයිනට පැමිණ තිබෙනවා.

2025 වසර තුළ මිලියන තුනක විදෙස් සංචාරකයින් සංඛ්‍යවක් මෙරටට ගෙන්වා ගැනීම අරමුණ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?