2024-25 බෝඩර් ගවස්කාර් ටෙස්ට් ශූරයින් බවට ඔස්ට්‍රෙලියාව පත්වෙයි

2024 -25 බෝඩර් ගවස්කාර් ටෙස්ට් කුසලානයේ ශූරතාව දිනා ගැනීමට සත්කාරක ඔස්ට්‍රෙලියාව මීට ටික වේලාවකට පෙර (05) සමත් වුණා.

ඒ සිඩ්නි නුවර දී අවසන් වුණු පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගය කඩුලු 06කින් විශිෂ්ට ලෙස ජයගනිමින්.

මේ සමග ඔස්ට්‍රෙලියාව 2025 ටෙස්ට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයට පිවිසීමේ බලාපොරොත්තුව ඉටු කරගැනීමට ද සමත් වූ අතර ඒ සමගින් ඉන්දියාවට ලෝක ටෙස්ට් ශූරතා සිහිනය අතහැර දමන්නට සිදුවුණා.

තරගයේ ආරම්භක දිනය වූ පෙරේදා (02) දිනයේ දී කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක බුම්‍රා පළමු ව පිතිකරණය තෝරාගත් අතර ඔවුන් පළමු ඉනිමට සියල්ලන් ම දැවී ලකුණු 185ක් ලබා ගත්තා.

ඉන්දියාව වෙනුවෙන් පළමු ඉනිමේ දී සාර්ථක වූ එක ම ක්‍රීඩකයා වූයේ කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් පමණයි.

ඔහු ලකුණු 40ක් ලබා ගත්තා.

සෙසු ක්‍රීඩකයින්ට සැලකිය යුතු ටෙස්ට් ලකුණකට යාමට ඔස්ට්‍රෙලියා පන්දු යවන්නන් ඉඩ නොදුන් අතර කඩුලු බිඳ දැමීමේ දී ස්කොට් බෝලන්ඩ් කඩුලු 04ක් බිඳ දැමුවා.

මිචෙල් ස්ටාක් කඩුලු 03ක්, පැට් කමින්ස් කඩුලු 02ක් සහ නෙතන් ලියෝන් එක් කඩුල්ලකට වගකීමට සමත් වුණා.

ඉන් අනතුරුව පිළිතුරු ඉනිම සිය පළමු ඉනිම ඇරඹි කැන්ගරු පිතිකරුවන්ට පිතිකරණය සිතූ තරම් පහසු වූයේ නැහැ.

ඒ ඉන්දීය වේග පන්දු බලඇණිය හමුවේ ඔස්ට්‍රෙලියාව ද ලකුණු 181කට පළමු ඉනිමේ දී සීමා වීම හේතුවෙන්.

සිය මංගල ටෙස්ට් තරගයට එක් වූ බියූ වෙබ්ස්ටර් ලකුණු 57ක් රැස් කළා.

පළමු ඉනිමේ දී ඉන්දියාව වෙනුවෙන් මොහොමඩ් සිරාජ් සහ ප්‍රසිද්ධ් ක්‍රිෂ්ණා කඩුලු 03 බැගින් බිඳ දැමූ අතර කඩුලු 02ක බැගින් බුම්‍රා සහ නිටිෂ් කුමාර් බිඳ දැමුවා.

කෙසේවෙතත් ඔස්ට්‍රෙලියාවට වඩා පළමු ඉනිමෙන් ලකුණු 04ක් පමණක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිමට පිතිකරණය ඇරඹි ඉන්දීය කණ්ඩායමට යළිත් සුපුරුදු රිද්මයට ම කැන්ගරුවන් හමුවෙ මුහුණදෙන්නට සිදු වුණා.

ඒ ඉන්දීය පිතිකරණය හෝරා කිහිපයක් තුළ ක්‍රීඩාගාරයේ අසුන් මතට ඇදදැමීමට ඔස්ට්‍රෙලියානු පන්දු යවන්නන් සමත් වීමත් සමගින්.

දෙවැනි ඉනිමේ දී වැඩිම ඉන්දීය ලකුණුලාභියා වූයේ රිෂාබ් පාන්ට්.

ඔහු වේගවත් ලකුණු 61ක් ලබාගත්තා.

තරගාවලියේ එක් ඉනිමක දී පමණක් ශතකයකින් සාර්ථක වූ කෝලි මෙම තරගයේ දී ද අසාර්ථක වුණා.

දෙවැනි ඉනිමේ දී ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් ස්කොට් බෝලන්ඩ් පීඩනකාරී පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 06ක් බිඳ දැමුවේ ලකුණු 45කටයි.

පැට් කමින්ස් කඩුලු 03ක් සහ බියු වෙබ්ස්ටර් එක් කඩුල්ලක් බිඳ දැමුවා.

ඒ අනුව ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 162ක ඉලක්කයක් හිමි වූ අතර ඔවුන් කඩුලු 04ක් පමණක් දැවී සිය ජයග්‍රහණය සපුරා ගත්තා.

දෙවැනි ඉනිමේ දී උස්මන් කවජා ලකුණු 41යි.

ට්‍රාවිස් හෙඩ් සහ බියූ වෙබ්ස්ටර් නොදැවී තරගයේ ජය ඔවුන් වෙත ගෙන ආ අතර ඔවුන් දෙදෙනා ම පිළිවෙළින් ලකුණු 34 හා 39ක් බැගින් ලබා ගත්තා.

දෙවැනි ඉනිමට කඩුලු බිඳ හෙලීමේ දී ඉන්දියාව වෙනුවෙන් ප්‍රසිද්ධ් ක්‍රිෂ්ණා කඩුලු 03ක් සහ සිරාජ් එක් කඩුල්ලක් බිඳ දැමුවා.

ඒ අනුව ඔස්ට්‍රෙලියාව මෙවර ගවස්කාර් ටෙස්ට් කුසලානයේ තරග 3-1ක් ලෙස ජයගත් අතර එක් දෙපාර්ශ්වයේ තෙවැනි තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

තරගයේ වීරයා සම්මානය ස්කොට් බෝලන්ඩ් විසින් දිනාගනු ලැබූ අතර තරගාවලියේ වීරයා වූයේ තරගාවලිය පුරා ම කඩුලු 32ක් බිඳ දමමින් ලකුණු ද 42ක් ලබාගත් ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්‍රා යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
4
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32