2023-2025 ජාතික ක්‍රියාකාරී සැලැස්ම පෙබරවාරි මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතියට

ශ්‍රී ලංකාවේ 3 වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2023-2025) නිර්මාණය කිරීම සඳහා වන පළමු බහු-පාර්ශවීය වැඩමුළුව කොළඹදී ඊයේ (10) පැවැත්වුණා.

දේශපාලන අභියෝග, කොවිඩ් හා ආර්ථික අර්බූද හමුවේ 2019 වසරේ දී ඇනහිටි මෙම ක්‍රියාවලිය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය සහ සිවිල් සංවිධාන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් හා සර්වෝදය එක්වයි නැවත ආරම්භ කරනු ලැබුවේ.

“විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය” යනු රජයන්, සිවිල් සමාජය සහ පුරවැසියන් අතර හවුල්කාරිත්වය තුළින් විනිවිදභාවය, සහභාගීත්වය, වගවීම සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කරන විවෘත රාජ්‍ය ක්‍රමය ක්‍රියාත්මක කිරීම අරමුණු කරගත් බහුපාර්ශ්වික මුල පිරීමක්.

2011 වසරේ ආරම්භ කරන ලද විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය වැඩසටහන සමඟ ශ්‍රී ලංකාව ඇතුලු ලොව පුරා රටවල් 75ක් මෙන්ම ප්‍රාදේශීය පාලන 104 ක් සහ සිවිල් සමාජ සංවිධාන දහස් ගණනක් සම්බන්ධ වී කටයුතු කරනවා.

විවෘත, සහයෝගීතාවයෙන් යුතු සහ ප්‍රතිචාරශීලී රාජ්‍ය පාලනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ජනතාව වෙත අවස්ථාව ලබා දෙමින් විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ක්‍රියාකාරී සැලැස්මෙ හි සම-නිර්මාණකරුවකු ලෙස සිය වටිනා අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට මෙමඟින් ශ්‍රී ලාංකික පුරවැසියන් වෙත අවස්ථාව ලබා දෙනු ලැබුවා.

ඒ අනුව ජනාධිපති කාර්යාලය විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරන ලද මහජන සමීක්ෂණයෙන් රැස්කරගත් මහජන අදහස් හා යෝජනා මෙන්ම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සහ සර්වෝදය යන ආයතන විසින් සිවිල් සංවිධාන සමඟ සිදුකරන ලද සාකච්ඡා වල දී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා ද පදනම් කරගනිමින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබෙනවා.

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ හර සංකල්ප වන සහභාගීත්වය සහ සම-නිර්මාණය අනුව යමින් 3 වන ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි අන්තර්ගත විය යුතු බැඳීම් සහ කැපවීම් හඳුනා ගැනීම මෙහිදී සිදු වුණා.

එහිදී ප්‍රමුඛ ක්ෂේත්‍ර ලෙස අල්ලස සහ දූෂණය පිටු දැකීම, මහජන සේවාවන් සැපයිම වැඩිදියුණු කිරීම, පොදු සම්පත් වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම, ව්‍යාපෘති ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සහ විවිධ ප්‍රජාවන් සඳහා ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ ජාතික කේන්ද්‍රීය නිලධාරී, ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මහත්මිය සඳහන් කළේ මෙම වැඩමුළුවේ දී මතු වූ අදහස් වැඩිදුරටත් විශ්ලේෂණය කර නිශ්චය කිරීම සඳහා රජය සහ සිවිල් සංවිධාන අතර සාකච්ඡා මාලාවක් ඉදිරි සති කිහිපය තුළ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි. ඒ අනුව සම්පාදනය කරගන්නා විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ 3වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම පෙබරවාරි මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඇය සඳහන් කළා.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව එය ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ලෙස රජයේ සහ සිවිල් සමාජ පාර්ශ්වකරුවන්ගේ ඒකාබද්ධතාවයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද චන්දිමා වික්‍රමසිංහ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ රාජ්‍යකරණය පිළිබඳ සිවිල් සමාජ විශ්ලේෂණ වාර්තාව ද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා.

පවතින ක්‍රමවේදයන්හි විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීමේ පියවර, සාර්ව දේශපාලන හා ආර්ථික සහ තිරසරභාවය වැඩිදියුණු කිරීමේ පියවර මෙන්ම ව්‍යුහාත්මක වෙනස්කම් සඳහා වන පියවර මෙම වාර්තාවට ඇතුළත්.

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ ජාතික කේන්ද්‍රීය ආයතනය (National Focal point) ලෙස කටයුතු කරන ජනාධිපති කාර්යාලය ප්‍රමුඛ රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් 110කට ආසන්න පිරිසක් මේ සඳහා සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14