2020 උසස් පෙළ සමත් දරුවන්ට දැනුම්දීමක්

2020 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් යොමු කිරීමට නොහැකි වූ දරුවන්ට ඒ සඳහා නැවත අවස්ථාවක් ලබාදී තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ ඒ සඳහා එළඹෙන 26 වනදා සිට 30 වනදා දක්වා කාලය ලබාදී ඇති බවය.

“2020 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කැඳවීම අවසාන වුණේ ජූනි මාසේ 18 වනදා. ඒ වෙලාවෙදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැහැදිලිව දරුවන්ට කිව්වා රටේ පවතින තත්ත්වය යටතේ දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ තමන්ගේ අයදුම්පත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කිරීමට හැකියාවක් නොතිබුණා නම් ඒ දරුවන්ට නැවත අවස්ථාවක් ලබාදෙනවා කියලා. ඒ අනුව ජූලි 26 වනදා සිට 30 වනදා දක්වා කාලය ලබාදීලා තියෙනවා. ඊට අමතරව ඒ පුරවන ලද අයදුම්පතේ පිටපතක් ලබාගෙන ඒ පිටපතේ අත්සන් කරලා ඒක නැවත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ [email protected] කියන විද්‍යුත් ලිපිනයට යොමුකළ යුතුයි. 30 වනදායින් පසුව 31 වනදා සිට අගෝස්තු 14 වනදා දක්වා කාලය ලබාදෙනවා තමන් විසින් සඳහන් කළ විශ්වවිද්‍යාල අනුපිළිවෙල වෙනස් කිරීමට හෝ පාඨමාලා තොරතුරුවල අනුපිළිවෙල වෙනස් කරන්න අවශ්‍ය නම්. මේ අවස්ථාව වනවිට අයදුම්පත් යොමුකර අවසන් දරුවන්ට මේ අවස්ථාව හිමිවෙන්නේ නෑ. ඒ වගේම එසේ යොමු කරලා තමන්ගේ වර්ණය වෙනස් කළ දරුවන්ට නැවත මේ අවස්ථාවේදී වර්ණය වෙනස් කරන්න අවස්ථාව හිමිවෙන්නේ නෑ. මෙතනදි අවස්ථාව ලැබෙන්නේ තමන්ගේ අයදුම්පත කුමණ හෝ හේතුවක් නිසා යොමුකර ගැනීමට නොහැකි වූ දරුවන්ට පමණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14