spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බංග්ලාදේශ ක්‍රිකට් තරුව ශකීබ් දේශපාලනයට

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් එළඹෙන වසරේ පැවැත්වීමට නියමිත එරට මහමැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ශකීබ් පාලක බංග්ලාදේශ අවාමි ලීගයෙන් මැතිවරණය සඳහා නාමයෝජනා ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අවාමි ලීගයේ සම ලේකම් බහවුදීන් නසීම් මාධ්‍ය වෙත පැවසුවේ ෂකීබ් ඊයේ (18) දිනයේ දී පක්ෂයෙන් නාමයෝජනා පත්‍ර ලබාගත් බවයි.

“ඔහු කීර්තිමත් පුද්ගලයෙක් වගේම රටේ තරුණයින් අතර විශාල ජනප්‍රියත්වයක් ඇති පුද්ගලයෙක්.” නසීම්, මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා පිළිගනිමින් සඳහන් කළා.

අගමැතිනි ෂීක් හසීනාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මණ්ඩලය විසින් ශකීබ්ගේ අපේක්ෂකත්වය තහවුරු කළ යුතු අතර, ඔහුගේ උපන් දිස්ත්‍රික්කයවන මගුරාහි හෝ ඩකා අගනුවරින් මැතිවරණය සඳහා තරග කරන බවයි වාර්තා වන්නේ.

මේ වනවිට බංග්ලාදේශ ක්‍රිකට් නායකයා ලෙස කටයුතු කරන ශකීබ් අල් හසන් ඇඟිල්ලේ ආබාධයකින් මේ වන විට සුවය ලබමින් සිටිනවා.

මේ අතර ලබන ජනවාරි 07 වැනිදා පැවැත්වීමට නියමිත එරට මහමැතිවරණයේ ඡන්ද විමසීම වර්ජනය කිරීමට බංගලාදේශ ප්‍රධාන විපක්ෂය සූදානම් වන බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?