බංග්ලාදේශ ක්‍රිකට් තරුව ශකීබ් දේශපාලනයට

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් එළඹෙන වසරේ පැවැත්වීමට නියමිත එරට මහමැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ශකීබ් පාලක බංග්ලාදේශ අවාමි ලීගයෙන් මැතිවරණය සඳහා නාමයෝජනා ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අවාමි ලීගයේ සම ලේකම් බහවුදීන් නසීම් මාධ්‍ය වෙත පැවසුවේ ෂකීබ් ඊයේ (18) දිනයේ දී පක්ෂයෙන් නාමයෝජනා පත්‍ර ලබාගත් බවයි.

“ඔහු කීර්තිමත් පුද්ගලයෙක් වගේම රටේ තරුණයින් අතර විශාල ජනප්‍රියත්වයක් ඇති පුද්ගලයෙක්.” නසීම්, මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා පිළිගනිමින් සඳහන් කළා.

අගමැතිනි ෂීක් හසීනාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මණ්ඩලය විසින් ශකීබ්ගේ අපේක්ෂකත්වය තහවුරු කළ යුතු අතර, ඔහුගේ උපන් දිස්ත්‍රික්කයවන මගුරාහි හෝ ඩකා අගනුවරින් මැතිවරණය සඳහා තරග කරන බවයි වාර්තා වන්නේ.

මේ වනවිට බංග්ලාදේශ ක්‍රිකට් නායකයා ලෙස කටයුතු කරන ශකීබ් අල් හසන් ඇඟිල්ලේ ආබාධයකින් මේ වන විට සුවය ලබමින් සිටිනවා.

මේ අතර ලබන ජනවාරි 07 වැනිදා පැවැත්වීමට නියමිත එරට මහමැතිවරණයේ ඡන්ද විමසීම වර්ජනය කිරීමට බංගලාදේශ ප්‍රධාන විපක්ෂය සූදානම් වන බව ද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14