Empty Ad
AFC Banner
Empty Ad

13 හැවිරිදි දැරියක් පාසලේදී ඇද වැටී මිය යයි

කලවාන, මීපාගම ජයන්ති මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් ක්ලාන්තය සෑදී බිම ඇද වැටීමෙන් අද (06) උදෑසන මියගොස් ඇති බව කලවාන පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කලවාන දකුණ කුකුළේගම පදිංචි ද 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ඉමල්කා සත්සරණි නැමැති 13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි.

අද (06) දින ඇය පාසලේ උදෑසන රැස්වීමේදී පන්සිල් ගනිමින් සිටියදි ක්ලාන්තය සෑදී වැටී ඇති අතර පසුව ඇය කලවාන මූලික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

රෝහල වෙත ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකකු කියා සිටියා.

ඇයගේ දහහතර හැවිරිදි වැඩිමල් සහෝදරයාද පසුගිය කාලයේ වලිප්පු රෝගය සැදී මියගොස් තිබෙනවා.

එම පවුලේ සිටි දරුවන් දෙදෙනා මෙම දරුවන් වන අතර කලවාන මූලික රෝහල වෙත පැමිණි මියගිය ශිෂ්‍යාවගේ මව පාලනය කර ගැනීමට රෝහල් කාර්‍ය මණ්ඩලයට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලිස් ස්ථානාධිපතිගේ ප්‍රධානත්වයෙන් කලවාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
40
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලිත් ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරමින් චැලේන්ජ් කරද්දී මන්ත්‍රීවරුන්ගේ මූණු ටික දැක්කද..?
05:51
Video thumbnail
දේශබන්දුටයි, රාජපක්ෂලටයි වෙන්න යන දේ ඇහුවොත් පුදුම හිතෙයි
04:04
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙදරා යයි - හේෂාගෙන් ඇස් උඩ යන හෙළිදරව්වක්
09:09
Video thumbnail
මනූෂට යකා ආවේෂ වෙයි, දෙසුවා ආය ලොවෙත් නැති වෙන්නම
00:33
Video thumbnail
මනූෂට යක්ෂයා ආවේශ වෙයි, ඇස් උඩ යන්න කියපු කියවිල්ල #election #npp #unp #manusha
06:57
Video thumbnail
නමට නම් දේශබන්දු අන්තිමේදි බන්දු හැංගුනා
04:47
Video thumbnail
අවේග මත ආපු - රැල්ල ඉවරයි - අජිත්ගේන් ආණ්ඩුවට රතු එළියක් #sajithpremadasa #sjb #npp
03:01
Video thumbnail
කළුතර හොල්මන්වෙයි - පියල් පුටුවෙන් යළිත් බලයට #piyalnishantha
04:22
Video thumbnail
සිගරැට් එකක් නිසා - පාර්ලිමේන්තුව ඇවිලෙයි
09:23
Video thumbnail
කැලණිවැලි දුම්රියේ වැදී දෙවියෝ බේරපු රියදුරුගේ ජීවිතය
01:41

?