12 දෙනෙකු රෝහලට යැවූ වෑන් රථ අනතුර

ඊයේ (29) දින මින්නේරිය දුම්රියපොළ මංසන්ධියේදී එකම දිශාවට ධාවනය වූ වෑන් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට හා හිඟුරක්ගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනුරාධපුර සිට සෝමාවතිය දෙසට වන්දනාකරුවන් රැගෙන යමින් තිබූ වෑන් රථයක් සහ කටුනායක ගුවන්තොටුපොළේ සිට සමන්‍තුරේ දෙසට පිරිසක් රැගෙන ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා