10 ශ්‍රේණියේ සිසුවා පන්ති කාමරයක ගෙළ වැළලාගෙන – ගුරුවන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

15 හැවිරිදි පාසල් සිසුවෙක් ගෙළ වැළලාගෙන සියදිවි හානිකර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ කොට්පුට්ලි ප්‍රදේශයේ රජයේ පාසලක ගුරුවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙම සිසුවා පන්ති කාමරයක් තුළ දී ගෙළ වැළලාගෙන සිටිය දී සොයාගෙන ඇති අතර, මෙම සිද්ධියත් සමඟ ප්‍රදේශවාසීන් පොලිසිය වටලා පාසලට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස බලකරමින් විරෝධතාවයක ද නිරතව ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් පොලීසිය විසින් නඩුවක්‌ ගොනු කර වින්දිතයාගේ පවුලට වන්දි ලබාදෙන බවට පාසලෙන් පොරොන්දු වීමෙන් පසු සිසුවාගේ පවුලේ අය සහ ප්‍රදේශවාසීන් විරෝධතාව අවසන් කිරීමට කටයුතු කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

වැඩ තහනමට ලක්වූ ගුරුවරුන් දෙදෙනාගේ හිරිහැර පිළිබඳව නේවාසිකව රැඳී සිටින අදාළ සිසුවා පසුගිය 22 වනදා ඔහුගේ පියාට දුරකථනයෙන් අමතා පවසා තිබෙනවා.

එහිදී සිසුවා පවසා ඇත්තේ “විවේක් සර් සහ රාජ්කුමාර් සර්” තම පන්තියේ මිතුරන් ඉදිරියේ කුලවාදී මඩ ගසමින් තමාට අවමන් කරන බවයි.

එම ඇමතුමෙන් පැය කිහිපයකට පසු සිසුවා පන්ති කාමරයක ගෙළ වැළලාගෙන ඇති අතර, පසුදින උදෑසන පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලය ඔහුගේ සිරුර ’10 – B’ පන්ති කාමරයේ විදුලි පංකාවක එල්ලී තිබෙන අයුරු දැක තිබෙනවා.

ගුරුවරුන් දෙදෙනාගේ මෙම ක්‍රියාව පිළිබඳව විදුහල්පති සහ උප විදුහල්පති දැනුම්වත් කර ඇති නමුත් ගුරුවරු දෙදෙනාට එරෙහිව කිසිඳු පියවරක් නොගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14