07 වසරේ පාසල් දරුවෙක් ගෙළ වැළලාගෙන මිය ගිහින් – මරණය ගැන මවට සැකයක්

අම්බලන්ගොඩ, මහාවීදියේ, පටබැදිමුල්ල ප්‍රදේයේ නිවසක උඩු මහලේ පාසල් දරුවෙක් ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 07 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දරුවෙක් බවයි අම්බලන්ගොඩ’ දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළේ.

මෙම දරුවාගේ මව්පියන් දික්කසාද නඩුවක් මත වෙන්ව සිටින අතර, දරුවා පියාගේ භාරයේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

රුපවාහිනී නරඹමින් සිටි දරුවා ඊයේ (26) රාත්‍රියේ 8.30ට නින්දට ගොස් ඇති අතර, අද (27) අලුයම් කාලයේ දරුවා කාමරය තුළ නොසිටිම නිසා ඒ පිළිබඳව සොයාබලා තිබෙනවා.

එහිදී දරුවා නිවසේ උඩ මහලේ බැල්කනියේ ගෙළ වැළලාගෙන සිටිය දී පියා විසින් දැක තිබෙනවා.

අම්බලන්ගොඩ හදිසි මරණ පරීක්ෂකවරයා පැමිණ පරීක්ෂණ පවත්වා මෘත දේහය බලපිටිය රෝහලේ මෘත ශරිරාගාරය වෙත යොමුකරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

මේ අතර දරුවාගේ මව සහ පියා අද අම්බලන්ගොඩ පොලිසිය කැදවා ඇති අතර, එහිදී මව පවසා ඇත්තේ තම දරුවාගේ මරණය සක සහිත බවයි.

ඒ, අනුව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වා පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විමට නියමිත අතර, වැඩිදුර විමර්ශන අම්බලන්ගොඩ පොලිසිය සිදුකරනු ලබනවා.

  1. සමහර විට මොකක් හරි වරදකට තාත්ත ගහන්න ඇති . ගහපු පාරකට ලමය මියගියාද දන්නෙ නැහැ. ඊටපස්සේ භයවෙලා එල්ලුව වෙන්නත් පුලුවන්. එතරම් කුඩා දරුවෙකුට දිවිනසා ගැනීමට හේතුවක් තිබිය හැකිද.

  2. කුඩා දරුවෙකුට සි දිවි නසා ගැනීමෙ චේතනාවක් ඇති වුනා කියලා මම ඇහුවෙ පළමු වතාවටයි….හැබැයි මානසික පීඩනය මත එවැනි හදිසි තීරණයක් ගන්නත් පුළුවන්.
    තවද ක්ෂණික සිත් වේදනාවක් ඇති වී ක්ෂණික තීරණයක් ගත්තා විය හැක මේ මරණයට මවිපියන් වගකිව යුතුය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38