ළමා අපයෝජකයෙකුට සමාව දුන් හංගේරියානු ජනපතිනිය ඉල්ලා අස්වෙයි

ළමා ලිංගික අපයෝජන සිද්ධියකට වරදකරු වූ පුද්ගලයෙකුට සමාව දීමට ගත් තීරණය සම්බන්ධයෙන් හංගේරියාවේ ජනාධිපතිවරිය ඉල්ලා අස් වී තිබෙනවා.

රූපවාහිනිය ඔස්සේ සජීවීව ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරිය වන කැටලින් නොවැක් මෙලෙස එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය වසරේ පාප් වහන්සේගේ හංගේරියානු සංචාරයට පෙර එරට සිරකරුවන් 25 දෙනෙකු නිදහස් කිරීමට ජනාධිපතිවරිය කටයුතු කළා.

ජනාධිපතිවරිය විසින් එලෙස නිදහස් කළ සිරකරුවන් 25 දෙනා අතර, ළමා ලිංගික අපයෝජන සිද්ධියකට වරදකරු වූ පුද්ගලයෙකු ද සිට තිබෙනවා.

රජය විසින් පවත්වාගෙන යනු ලබන ළමා ආයතනයේ ළමුන් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අයෙක් වසර අටක් බන්ධනාගාර ගතව පසුවීමෙන් පසු මෙලෙස ජනාධිපතිවරිය විසින් නිදහස් කර තිබුණා.

එවැනි වරදක් සිදුකළ අයෙකුට සමාව ලබාදීම එරිහිව ජනාධිපතිවරියට ඉල්ලා අස්වන ලෙස බලකරමින් හංගේරියානු අගනුවර දී විරෝධතා පැවැත් වුණා.

එම විරෝධතා වර්ධනය වෙමින් පැවති අතර තුරයි මෙලෙස ඇය සමාව අයැදිමින් එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42