spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ළමා අපයෝජකයෙකුට සමාව දුන් හංගේරියානු ජනපතිනිය ඉල්ලා අස්වෙයි

ළමා ලිංගික අපයෝජන සිද්ධියකට වරදකරු වූ පුද්ගලයෙකුට සමාව දීමට ගත් තීරණය සම්බන්ධයෙන් හංගේරියාවේ ජනාධිපතිවරිය ඉල්ලා අස් වී තිබෙනවා.

රූපවාහිනිය ඔස්සේ සජීවීව ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරිය වන කැටලින් නොවැක් මෙලෙස එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය වසරේ පාප් වහන්සේගේ හංගේරියානු සංචාරයට පෙර එරට සිරකරුවන් 25 දෙනෙකු නිදහස් කිරීමට ජනාධිපතිවරිය කටයුතු කළා.

ජනාධිපතිවරිය විසින් එලෙස නිදහස් කළ සිරකරුවන් 25 දෙනා අතර, ළමා ලිංගික අපයෝජන සිද්ධියකට වරදකරු වූ පුද්ගලයෙකු ද සිට තිබෙනවා.

රජය විසින් පවත්වාගෙන යනු ලබන ළමා ආයතනයේ ළමුන් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අයෙක් වසර අටක් බන්ධනාගාර ගතව පසුවීමෙන් පසු මෙලෙස ජනාධිපතිවරිය විසින් නිදහස් කර තිබුණා.

එවැනි වරදක් සිදුකළ අයෙකුට සමාව ලබාදීම එරිහිව ජනාධිපතිවරියට ඉල්ලා අස්වන ලෙස බලකරමින් හංගේරියානු අගනුවර දී විරෝධතා පැවැත් වුණා.

එම විරෝධතා වර්ධනය වෙමින් පැවති අතර තුරයි මෙලෙස ඇය සමාව අයැදිමින් එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
3
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?